
පසුගිය 9 වනදා මහින්ද රාජපක්ෂ අගමැති තනතුරෙන් ඉවත් වන්නට පෙර 7 වනදා රාත්‍රී මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රමුඛ ප්‍රාදේශිය නායක කණ්ඩායමක් සමග පැවැත්වූ සාකච්ඡාවක වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ.
එහිදී මහින්දට සියල්ලන් පැහැදිලි කර කියා සිටින්නේ ඉල්ලා අස්නොවන ලෙසයි. මහින්ද නිසා තමන් දේශපාලනය කරන බව ඇතැමෙකු පෙන්වාදී ඇති අතර ඇතැමෙකු කියා සිටියේ මහින්ද නොව ගෝඨාභය මෙහිදී වැරදි බවත් ඉවත් විය යුත්තේ ඔහු බවත්ය. ඔවුන් සනසමින් මහින්ද රැස්වීමෙන් නැගිට යන්නේ තමා අස් නොවන බව කියමිනි.
9 වනදා අරලියගහ මන්දිරයේ සිට පැමිණි ප්‍රහාරක බලකායන් සමග මෙම පිරිස වැඩිදෙනෙකුද ගමන් කළ අයුරු වීඩියෝ මගින් හෙළිව තිබේ.එදින මොරටුව නගර සභාවේ 500 ක පිරිසක් බලෙන් බස් 8 ක පටවා රැගෙන ආ බවටද එම නගරාධීපතිවරයාට චෝදනාවක්ද එල්ලවිය. අනතුරුව රාත්‍රි නගර සභා ගොඩනැගිලි කොටසක් මෙන්ම නගරාධිපති නිවස ගිනිබත් විය.
මේ සමග පළවන්නේ එම සාකච්ඡාවේ කොටසක වීඩියෝවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval