mahindananda-protest-nawalapitiya

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (8) නාවලපිටියේ නගරයේ මාපාකන්ද ප්‍රදේශයට සිය වාහනයේ ගමන් කරමින් සිටින අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පාර අවහිර කර ඔහුට විරෝධය දක්වා තිබෙන අතර ඔහුට විවිධ චෝදනා කරමින් බැණවැදී තිබේ.

මෙම අවස්ථාවේ අමාත්‍යවරයාට ගම හරහා යාමට නොහැකි තත්ත්වයක් උදා වීම නිසා ඔහු පොලිසියට දන්වා පොලිසිය පැමිණ තත්වය පාලනය කරන තුරු එතැනින් ගැලවී යාමට බැරිව ගොස් ඇත.
මෙම අකරතැබ්බය නිසා හිටපු ඇමතිවරයා විශාල අපහසුතාවකට ලක්ව ඇත.ඔහුගේ උදව්වට ගමේ කවුරුවත් සිට නැත.
විරෝධතාකරුවන් අමාත්‍යවරයා එතැනින් පිටව යද්දී හූ කියමින් විරෝධය දක්වා තිබේ. මාපාකන්ද පමණක් නොව අනතුරුව හිටපු ඇමතිවරයා දෙකිද ගම්මානයට ගිය අවස්ථාවේ දි ද මෙලෙසම ජනතාවගේ විරෝධය ඉල්ල වී ඇති අතර ඔහු නිවසට ගොස් ඇත්තේ එළියට යන්නත් බෑ මිනිස්සු කෑගහනවා යයි කියමින් කලකිරීමෙනි.