gas-robbery-armour-street

කොළඹ ආමර්වීදිය ප්‍රදේශයේ ගෑස් සපයාගත නොහැකිව අද උදෑසන සිට පාරවල් අවහිර කරමින් විරෝධතා පැවති අතර ආමර්වීදිය, කොටහේන, ජින්තුපිටිය, ආශ්‍රිතව ජීවත්වන මෙම මිනිසුන් ගෑස් නොමැතිව පීඩාකාරී තත්වයෙන් කෝපයෙන් සිටි බව පැවසේ.




මේ අතරවාරයේ ගෑස් සිලින්ඩර සහිත ලොරියක් නවතා තිබෙනු දුටු ඔවුන් කිසිදු සෙවිල්ලක් නැතිව තම අවශ්‍යතාව වෙනුවෙන් එය කොල්ලකෑමට කටයුතු කර තිබේ.
ලොරිය වෙත රොක්වූ පිරිස් ගෑස් සහිත සිලින්ඩර රැගෙන යනු වාර්තා විය. ඇතැමුන් කුඩා ගෑස් සිලින්ඩර පවා සොරාගෙන යනු පෙනිණි.
ආමර් වීදියේදී ගෑස් ලොරියකින් ගෑස් සිලින්ඩර කොල්ලකෑමේ සිද්ධිය අනතුරුව ලොරියේ හිමිකරුවන් පොලිසියට දන්වා තිබූ අතර පෝලිම්  සිටි පිරිස ලොරියේ තිබුණු ගෑස් ටැංකි 49ට වැඩි පුමාණයක් කොල්ලකා තිබූ බව ගණනය කෙරිණි.


පැමිණිල්ල අනුව මේ සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අධික අවශ්‍යතාවන් මත ජනතාව සීමා නීති ඉක්මවා කටයුතු කර තිබෙන අතර කොල්ලය සිදුවී ඇත්තේ පොලීසිය බලා සිටියදීය.මේ වන විට ගෑස් ලොරිය ආමර්වීදිය පොලිසියට රැගෙන ගොස් ඇත.