mahinda-anuradapura-last-tour

සිය තනතුරින් හෙට ඉවත්වීමට නියමිත අගමැති මහින්ද රාජපක්ෂ අනුරාධපුර රුවන්වැලි සෑය ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට අද ගියේ විරෝධතා බාධක මැදයි.
අගමැතිවරයා පැමිණෙන බව දැනගෙන ස්ථාන තුනකදී සුළු විරෝධතා පැවති බව වාර්තා විය.


ශ්‍රී මහා බෝධිය අසලදී කීපදෙනකු පෝස්ටර් අතේ තබාගෙන විරෝධයක් පළ කර තිබුණි.
 රුවන්වැලි සෑය වන්දනා කිරීමට ගිය අවස්ථාවේ අනුරාධපුර නගරයේ අඛණ්ඩව විරෝධතාවයේ නිරතව සිටින පිරිස අතුරින් කිහිපදෙනෙකු පැමිණ රුවන්වැලි සෑය අභියසදී විරෝධයක් අරඹා තිබුණි.
මහින්ද රාජපක්ෂ මහතා  මිරිසවැටියට ගිය අවස්තාවේත් යළි විරොධයක් එල්ල වි තිබුණි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව රුවන්වැලි මහ සෑ අධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ බැහැ දුටු අතර පසුව මිරිසවැටිය අධිපති ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
අග්‍රාමාත්‍යතුමා අනුරාධපුරයේ ආගමික වතාවත්වල නිරතවන අවස්ථාවේ එම පූජනීය ස්ථාන වැඳ පුදාගැනීමට ආ බැතිමත්හු අග්‍රාමාත්‍යතුමා අසලට පැමිණ සුහඳ කතාබහක නිරත වූ අයුරුද අගමැති මාධ්‍ය අංශය වාර්තා කර තිබුණි.