
මහනුවර නගරයේ ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට අරගලකරුවන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන ගෝඨාගෝගම මහනුවර ශාඛාවට ප්‍රහාරයක් එල්ල එලකොට තිදෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට සැකපිට පුද්ගලයන් සිවුදෙනකු මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 09 වැනිදා සිදු කළ මෙම ප්‍රහාරය හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අභයකෝන් මහතා ඇතුළු තිදෙනෙක් තුවාල ලැබූහ.
එම සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පැවසෙන පොදුජන පෙරමුණේ මහනුවර නාගරික මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පෙරේදා (10) පුද්ගලයන් සිවුදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මහනුවර පොලීසිය ඉදිරිපිට දී එම අරගලකරුවන් විසින් උඝෝෂණයක් ද පවත්වන ලදී. අත්අඩංගුවට ගත් සැකකරුවෝ තලාතුඔය, ලෙවුල, සහ හන්තාන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
-ශේන් සෙනෙවිරත්න-
Comments
Post a Comment
Your comment will be visible after approval