kanchana-explains-fuel-price-hike

කැබිනට්, මණ්ඩලය  ඊයේ අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය අනුව අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වර්ග සියල්ලේම මිල ඉහළ දමනු ලැබූ අතර මේ තරම් දරුණු ඉන්ධන ප්‍රශ්නයක් තිබෙද්දී මෙම තීරණය දන්වා සිටියේ අන්තිම මොහොතේ පැයක් තබාය.
92 පෙට්‍රල් රුපියල් 82 කින්ද 95 පෙට්‍රල් රුපියල් 77කින්ද සුදු ඩීසල් රුපියල් 111කින්ද සුපිරි ඩීසල් රුපියල් 116කින්ද ඉහළ දමා ඇත. මෙම මිල ඉහළ දැමීමට සමගාමීව අයිඕසී මිල ගණන්ද අද ඉහළ දමා ඇත.
මිල ඉහළදැමීමේ තීරණය කැබිනට් මණ්ඩලය සන්ධ්‍යා කාලයේ ලබාගත්තත් ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිටත් රජය නිල වශයෙන් දන්වා නොතිබූ අතර පාන්දර 2 ට පමණ කංචන විජේසේකර ඇමතිවරයා සිය ට්විටර් ගිණුම හරහා මේ ගැන වාර්තා කළේය.


කෙසේ වෙතත් කණින් කොනින් කැබිනට් තීරණය ප්‍රසිද්ධවී රාත්‍රී කාලය වනවිට ඉන්ධන පෝලිම් වෙතද මෙම ආරංචිය ගොස් තිබුණි. මීට ඉහත රඹුක්කන ඉන්ධන පිරවුම්හලක් ගිනිතබා විශාල කලබගෑනියක් මතුවූයේද මේ ආකාර රාත්‍රී මිල සංශෝධනයකින් පසුවය.
මේ නිසාදෝ අන්තිම මොහොත දක්වා මිල ඉහළයාම රහසක් ලෙස ඇමති තබාගත්තේය.
ඉන්ධන මිලඉහළයාම මේවනවිට බස්ගාස්තු ආහාර මිල වැඩිවීම ඇතුළු සේවා අංශ රැසකට බලපා ඇත. සතියෙන් සතිය ජනතාවට පටි තද කරවන්නට ආණ්ඩුව ඉතා කුරිරු උත්සාහයක නිරතවන්නේ වෙන කරන්නට දෙයක්නැති බව කියමිනි.
 කංචන විජේසේකර ඇමතිවරයා මේ ගැන හේතු ගණනාවක් දක්වමින් ඉන්ධන මිල ඉහළයාම සාධාරණීකරණය කර ඇත. ඔහු පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් වැඩි බවයි. ඒ නිසා අයිඕසි ලාබ ලැබුවත් තමන්ට පාඩු බවයි.අයිඕසී භූමිතෙල් විකුණන්නේ නැති බවත් රජයේ ආයතනවලට ණයට ඉන්ධන දෙන්නේ නැති බවත් ඔහු කියයි. ආනයනය,ගොඩබෑම, ප්‍රවාහනය වියදම් වැඩි නිසා මිල වැඩි කළ බව ඔහු කියයි. මින් පසු මිල සූත්‍රය අනුව මාසයකට වරක් ඉන්ධන මිල ඉහළ දමන බවද ඔහු විස්තර කරයි.
තමන්ට සිදුවන වියදම ගැන කංචන ඇමතිවරයා සටහනකින්ද පැහැදිලි කර තිබේ. එය පහතින්