
4 pm
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් (9) දින ඇති වු කළහාකරි සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) පැය. 5 අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පෙරවරු 10.15 ට පමණ එහි පෙනී සිටි ඔහු පස්වරු. 2.30 ට පමණ ඉන් පිටව ගොස් ඇත.
ජෝන්සටන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති බවට සැලවීමත් සමග අරගලභූමියේ සිටි තරුණ පිරිසක් පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පිටට පැමිණ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් විරෝධතාවක නිරත වූ නමුත් අත්අඩංගුවට පත් වූයේ නැත.
2.20pm update
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගමන් කළේ පසුගිය 9 වනදා සිදුවූ අරගලයට එරෙහි ප්‍රහාරය ඔහුගේ සැලසුමක් අනුව සිදුවූ බවට පැවති චෝදනාවන්ට කට උත්තර දෙන්නටය.
මෙම කැඳවීම දෙවතාවක් මගහැර ඔහු තුන්වැනි කැඳවීමට මෙලෙස පැමිණි බවද පැවසිණි.
රජයේ ඉහළ බලවතෙකු ලෙස සැලකෙන ඔහු එහි යන්නට ප්‍රථම සීඅයිඩී ප්‍රධානියාද ඉල්ලා අස්විය.
ඔහු සීඅයිඩියට කැඳවුවත් ප්‍රශ්න කර නැවත ගෙදර යවාවි යන සැකය මත ඔහුව වහා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණි.
ගාලුමුවදර අරගලකරුවන් පිරිසක් දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වන අතර සවස 3 වනනවිටත් එලියට නොපැමිණි ඔහු ඇතුලේ සිටියදී විරෝධතාව අඛන්ඩව සිදුවේ.

