
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුතාගේ නමින් පවත්වාගෙන යනු ලබන බව කියන විත්තිකුලිය හන්දියේ දැදුරුඔය ආසන්නයේ පිහිටි බියර් හල කඩා එහි ලාච්චුවේ බහා තිබූ රුපියල් 40,000ක මුදලක් සොරාගත් බව කියන පුද්ගලයකු පෙරේදා (18) සැකපිට අත්අඩංගුවට ගත් බව කොබෙයිගනේ පොලිසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කොබෙයිගනේ පොලිස් වසමට අයත් ඇහැටුවැව විත්තිකුලිය පදිංචි 35 හැවිරිදි අයෙකි. පසුගිය 09 වැනිදා කලහකාරී පිරිසක් විසින් මෙම බියර්හලට පහර දී තිබිණි යැයි පොලිසිය කියයි. කොබෙයිගනේ පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
Comments
Post a Comment
Your comment will be visible after approval