johnston-fernando-cid

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.


ඔහුට එලෙස පැමිණෙන ලෙස මින් ඉහත දෙවතාවක්ම වේලාවන් දන්වා තිබුණත් ඔහු ආවේ නැති අතර අද තුන්වන දිනයට දන්වා සිටි පසු ඔහු ආවේය.
පොලිසිය හෝ අධිකරණය දේශපාලකයින්ට අත පෙවීමට හදන අවස්ථා බොහොමයක් නිර්දය උපහාසයෙන් ජොන්ස්ටන් බැහැර කරන්නෙකි. ඔහු මීට පෙර සිය කුරුණෑගල සගයා වෙනුවෙන් ‘මං මයිලකට අතතියන්න දෙන් නැහැ‘ යන ප්‍රකාශ්‍ය ආන්දෝලනයට තුඩු දුන් අතර ඒ කාලයේ පැවති මැතිවරණ ව්‍යාපාරයටද එම ප්‍රකාශය ගැටලු මතු කළේය.


දින 52 ආන්ඩුව කාලයේ පාර්ලිමේන්තුවේ පුටු උස්සාගෙන රාජපක්ෂ බලය වෙනුවෙන් අරගල කරන්නෙකුවූ ජොන්ස්ටන් මීට මාස දෙක තුනකට පෙර රාජපක්ෂ පවුලේ අයට වඩාත්ම සමීපවූ පුද්ගලයා විය.එසේම බාහිර අයට රාජපක්ෂලා ළඟට වඩාත් බලවත් පුද්ගලයාද විය. ජනපති වරක් කිව්වේ ‘ජොන්ස්ටන් කථාකරන කොට විතරයි මගේ ලේ උනන්නෙ‘ ලෙසිනි.
ගෝටාගෝගම අරගලය නිරන්තරයෙන් විවේචනයට ලක්කළ ඔහු ‘කිසිසේත් ජනපති ඉල්ලා අස්වෙන් නැහැ‘ යයි කළ ප්‍රකාශයක් නිසා ඒ දිනවල සමාජ මාධ්‍ය ඇවිලිණි. අහක සිටි අතුලගේ පවුලද ඈඳාගෙන විවේචන මතු විය. මෙම අවුස්සන සුලු කථා නිසා අරගලය තවත් බලවත් විය.ඔහුට කටපියා සිටින්නට දුන් උපදෙසක් නිසාදෝ ඉන්පසුව නිහඩ විය.
කෙසේ වෙතත් මැයි 09 අරගලයට විරුද්ධ ප්‍රහාරය සැලසුම් කිරීම,කතා පවත්වා දිරිගැන්වීම හා පිරිස් මෙහයවීම සම්බන්ධ විවේචන රැසක් ඔහුට ගොනුවී ඇත. මැයි 09 දා රාත්‍රී ජොන්ස්ටන්ට විවිධ ස්ථානවල අයත්ව තිබූ දේපළ රැසක්ද ගිනිබත්කරන්නට විරුද්ධවාදීන් කටයුතු කර තිබුණි.


සීඅයිඩීයට ජොන්ස්ටන්ට එන්න කියා පණිවිඩ යැව්වත් නොපැමිණ සිටින්නට තරම් ඔහු සුවිශේෂ වූ අතර ඊයේ වාර්තාවූයේ දේශපාලකයින්ගේ බලපෑම් නිසා තවදුරටත් සීඅයිඩියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නට බැරි බව නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න මහතා දන්වා සිටි කතාවකි. ඔහු ඊයේ මාරු කෙරුණ අතර අද ජොන්ස්ටන් කට උත්තර දෙන්නට ආවේය. ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නා සූදානමක් පැවතිය නමුත්අද එය එසේ සිදුවේද යන්න ප්‍රශ්නකාරීය.