itn-change-after-threat

ඊයේ දින බත්තරමුල්ල වික්‍රමසිංහපුර අවට විශාල පිරිසක් පැමිණ ITN නාලිකාවේ ප්‍රධාන දොරටුව අසළදී එහි නිලධාරීන් බියවැද්දීමේ සිදුවීමකින් පසු මෙතෙක් කල් රාජපක්ෂවාදී හොරණෑවක් ලෙස පෙන්නුම් කළ  ITN නාලිකාවේ ප්‍රවෘත්ති සත්‍ය ලෙස ස්වාධීන ස්වරූපයක් බවට වෙනස්වී තිබේ.




ඒ අනුව අද දිනයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේදී අරගලය සාධාරණ බව හැඟවෙන වාක්‍ය පවා ප්‍රකාශවී ඇති අතර රජයට වන්දිභට්ටකම් පෙන්නුම් කරන ප්‍රවෘත්ති විකාශය නොවීය.
ස්වාධීන රූපවාහිනියේ මේවනවිට සභාපති ධූරය දරන්නේ මින් ඉහත රාජපක්ෂ කදවුරේ සිටිමින් මන්ත්‍රීධූරයක් දැරූ පුද්ගලයෙකි. ප්‍රවෘත්ති බාරව සිටින්නේද රාජපක්ෂ කදවුරේ දේශපාලනය කරමින් සිටි අයකි.
දේශපාලනයෙන් තොර මාධ්‍යකරණයක් පවත්වාගෙන යා යුතු බවත් රාජපක්ෂවරුන්ට හෝ ආණ්ඩුවට හෝ කිසිදු දේශපාලන පක්ෂයකට කඩේ ගියහොත් මෙයද වටලන බවත් ඊයේ දින විරෝධතාකරුවන් ස්වාධීන රූපවාහිනී සේවය වටලා දැනුම් දී තිබේ.
ITN එකට යළි දේශපාලනයට කඩේ යාම තහනම් කිරීම අරගලකරුවන්ගෙන් ජයග්‍රහණයක් ලෙස මේ අනුව සැලකේ.
ඊයේ රාත්‍රියේ ගම්වැසියන් ඇතුලු අරගලකරුවන් ස්වාධීන රූපවාහිනියට පැමිණ තර්ජනාත්මක දැනුම් දීම කළ ආකාරයද අද (11) දිනයේ සවස ප්‍රවෘත්තිද පහතින් දැක්වෙයි