
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව සිකුරාදා (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත. විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ජනපති ගෙන තිබේ.
රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම හා
මහජන ආරක්ෂාව සඳහා හදිසි නීතිය යළි පැනවූ බව ජනපති මාධ්‍ය අංශය සදහන් කරයි.
මෙම නීතිය පැනවීමෙන් පසු විපක්ෂ නායක හා ජවිපෙ නායක ට්විටර් පණිවිඩ මගින් ප්‍රතිචාර දක්වා තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, "බියෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් මිස අන් කිසිවකින් තොරව ඔබ මේ රට අඩපණ කරනවාද? හදිසි නීතිය අර්බුදයට මොනයම් හෝ විසඳුමක් සෙවීමට පටහැනිය. ඉල්ලා අස්වෙන්න" ලෙසින් සටහනක් තබා ඇත.
ජවිප නායක අනුර කුමාර දිසානායක "ජනතාවගේ සාධාරණ අරගල මර්දන නීතිවලින් නවතාලිය නොහැකි බව ගෝටාභය රාජපක්ෂ තේරුම්ගත යුතුය." යනුවෙන් සටහනක් තබා ඇත.
මාසයක කාලයක් වලංගු වන හදිසි නීති නිවේදනයක් නිකුත්කිරීමට ජනාධිපතිවරයාට නීතිමය වශයෙන් හැකිය. දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ. එසේ සිදු නොවුවහොත් නිවේදනය අවලංගු වේ. සෑම දින 30කට වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකිය. නමුත් එසේ කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතියෙනි.