
පසුගියදා ගෝටාගෝ ගම සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමට පැමිණ සංවිධානාත්මක කණ්ඩායමේ විශාල පිරිසක් ප්‍රතිප්‍රහාර නිසා තුවාල ලද නමුත් ඔවුන් ප්‍රසිද්ධ රජයේ රෝහල්වලට ඇතුළත් කර නැති බවත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට යුද හමුදා රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී ඇති බවත් සති අන්ත පුවත්පතක් හෙළි කර තිබෙයි.
යුද හමුදාවට කිසිඳු සම්බන්ධයක් නැති මෙවැනි සිවිල් පුද්ගලයින්ට ප්‍රතිකාර ලබාදීමේ
හැකියාවක් යුද හමුදාවට නැති බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී සිය නම්
සඳහන් නොකරන්නැයි ඉල්ලා සිටි හිටපු යුද හමුදා නිලධාරින් කිහිප දෙනෙක්ද පුවත්පතට පැවසූහ.
ඔවුන් පැහැදිලි කරනු ලැබුයේ දැනට යුද හමුදා සේවයේ නිතරත සාමාජිකයින්ට හා
ඔවුන්ගේ ආසන්නම පවුලේ සාමාජිකයින්ට සහ හිටපු යුද හමුදා සාමාජිකයින්ට හා
ඔවුන්ගේ ආසන්නම පවුලේ සාමාජිකයින්ට පමණක් යුද හමුදා රෝහලෙන් ප්‍රතිකාර
ලබාගත හැකි බවයි.
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසුවේ එවැන්නක් ඔහු නොදන්නා බැවින් සොයා බලා පිළිතුරක් ලබාදෙන බවකි.
(ලසන්ත රුහුණගේ - 'අනිද්දා' වාර්තාව ඇසුරිනි)
Comments
Post a Comment
Your comment will be visible after approval