
පොලිම්වල සිටීමේ තේරුමක් නැතැයි අද උදේ නිවේදනයක් නිකුත් කළ නමුත්
පවතින සංචිත උපයෝගී කර ගනිමින් අද (9) හා හෙට (10) දෙදින කොළඹ ඇතුළු ප්‍රධාන නගර වෙත ගෑස් නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් තීරණය කර තිබේ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසුවේ, ඒ අනුව දෛනිකව සිලින්ඩර් 15,000 බැගින් නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
ලබන බ්‍රහස්පතින්දා මෙරට ළඟාවීමට නියමිතව තිබූ ගෑස් රැගත් නෞකාව හෙට පස්වරුව වන විට දිවයිනට ගෙන්වා ගැනීමට ජනාධිපතිවරයා මැදිහත්වී කටයුතු කරමින් ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, එම තත්ත්වයන් යටතේ අද හා හෙට පවතින සංචිත මගින් ගෑස් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.
ළඟා වන නෞකාවේ ඇති ගෑස් ලබන බදාදා සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට කඩිනම් පියවර ගන්නා බව ද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
හෙට (10) පස්වරුවේ ළඟාවීමට නියමිත නෞකාවට හා ලබන සෙනසුරාදා ළඟා වීමට නියමිත නෞකාව වෙනුවෙන් ඩොලර් මිලියන 7 ක් අද දවසේ ගෙවීමට කටයුතු කරන බව ද ලිට්‍රෝ සමාගම මීට පෙර ප්‍රකාශ කළේ ය.
Comments
Post a Comment
Your comment will be visible after approval