food-prices-hike-organic

කාබනික කෘෂිකාර්මික ක්‍රමවේදයන් වෙත ගමන් කිරීමේදී වූ සංක්‍රාන්ති කාලපරිච්ඡේදය තුළ පැවැති ඵලදායීතා අලාභ සහ පසු අස්වනු සැපයුම් දාම ගැටලු, සීමිත ගබඩා පහසුකම් මෙන්ම අගය එකතු කිරීම් සහ සංරක්ෂණ ක්‍රමවේද වැනි ආවේණික ගැටලුද ආහාර මිල ගණන් ඉහළ යැමට හේතු විය.හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. විශේෂයෙන්ම ආහාර උද්ධමනය නිසා ඇති වන සාමාන්‍ය මිල මට්ටම් නිරන්තර උච්ඡාවචනය වීම සහ එය යම් කාලයක් ඒකාකාරව පැවතීම නිසා උද්ධමනය ඉලක්කගත පරාසය තුළ පවත්වා ගැනීමට සහ උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට මහ බැංකුව දරන උත්සාහයන් දුර්වල කරන බැවින්, කාලෝචිත සහ තිරසාර පදනමක් මත රජයේ මැදිහත් වීම මගින් එය පාලනය කළ යුතු බව මහ බැංකුව අවධාරණය කරයි.

කෙසේ වෙතත් ආහාර මිල නිසා උද්ධමනය ඉහළ යෑම් සමාජයේ අඩු ආදායම් පවුලට අසමාන ලෙස බලපාන බවත්,

එය දුගී ජනතාවගේ ජීවන තත්වයන් පිරිහීමට ලක්කරන්නක් බවත් පවසන මහ බැකුව ප්‍රධාන වශයෙන් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හරහා එවැනි සැපයුම මත පදනම් වූ උද්ධමනය පාලනය කිර්මට දරන උත්සාහයන් ඵල රහිත මෙම අකාර්යක්ෂම විය හැකි බවද පවසා සිටියි. එබැවින් දේශීය ආහාර සැපයුමවල මනා ක්‍රියාකාරීත්වය සහතික කිරීම සහ ගෝලීය මිල ගණන් ඉහළ යෑම්වල බලපෑම අවම කිරීම සඳහා රජය විසින් කෙටිකාලීන සිට දිගුකාලීන දක්වා හොඳින් සැලසුම් කළ සැපයුම් අංශයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව වැදගත් බව මහ බැංකුව සඳහන් කරයි. මෙම ප්‍රතිපත්ති සඳහා දේශීය නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, කන්නයෙන් පිට වගා කිරීම, ආහාර ගබඩා යටිතල පහසුකම්,

සංරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම, ප්‍රවාහන වියදම් අවම කිරීම,නිෂ්පාදනයේදී භාවිත කරන තාක්ෂණය වැඩි දියුණු ය. කිරීම සහ ලාභදායී ආනයන ආදේශන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම ඇතුළත් විය යුතු බවද මහ බැංකුව පෙන්වා දෙයි.එහිදී උද්ධමන ඉලක්කකරණ රාමුව සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමගාමීව තොග සීමා පැනවීම,

ආනයන සීමා ලිහිල් කිරීම, මූලික ආනයන බදු අඩු කරීම යනාදී කෙටිකාලීන සැපයුම් අංශයේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම තුළ ආහාර උද්ධමනය අඩු කර ගැනීමට හැකියාව සමත් වී ඇති බව මහ බැංකුව පවසයි.විශේෂයෙන්ම තාවකාලිකව ආහාර මිල ඉහළ යෑම් සම්බන්ධ සැපයුම් අංශයේ ගැටලු විසඳීම සඳහා, පවතින සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ ශ්‍රී ලංකාවද එවැනි කෙටිකාලීන ප්‍රතිපත්ති ගෙන ඇතත්, රට තුළ ශක්තිමත් සහ තිරසාර ආහාර සැපයුම් දාමයක් පවත්වාගෙන යෑමට වැඩිදුර ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.


(ෂමිල පෙරේරා