bus-fare-change

ලබන ජූලි මාසයේදී නැවතත් බස් ගාස්තු සංහෝධනයක් සිදුවීමට නියමිතය. ඒ අනුව අවසන් වරට සියයට තිස් අටක ප්‍රතිශතයකින් වැඩිකර තිබෙන සියලුම බස් ගාස්තු තවත් සියයට පහක පමණ ප්‍රතිශතයකින් වැඩි වීමට නියමිතයි.


 ලබන ජූලි මාසයේදී මෙම ගාස්තු සංශෝධනය සිදුකිරීමට සැලසුම් කර ඇත්තේ එම මාසයේදී සිදුකරන වාර්ෂික ගාස්තු සංශෝධනයට අනුවය. මේ අනුව දැනට රුපියල් විසි හතක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් තිහක් පමණ විය හැකි බවත් සෙසු ගාස්තුද සියයට පහක ප්‍රතිශතයට අනුව වැඩිවනු ඇති බවත් පැවසේ. ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී අවම බස් ගාස්තුව රුපියල් විස්සක් දක්වා වැඩි විය. දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ යාම නිසා බස් ගාස්තු වැඩිවීම් සිදුවිය.

මෙවන් තත්වයක් තුළ බස් සංගම්වල ඉල්ලීම පරිදි ජූලි මාසයේදී ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිතය.
කෙසේ වෙතත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කර ඇත්තේ ඉන්ධන මිළ සැලකිය යුතු අගයකින් වැඩි වුවහොත් ජූලි මාසයට පෙරාතුවම එම වැඩිවීම සිදුවිය හැකි බවකි.