bread-price-hike

තිරිඟු පිටි මිල රුපියල් 35 කින් ඉහළ යෑම හේතුවෙන් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

ඒ අනුව පාන් රාත්තලක නව මිල රු. 170ක් වනු ඇත.

රෝල්ස් පැටිස් බිත්තරපාන් මාලුපාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනද රුපියල් 10කින් ඉහළ නැංවීමට නියමිතය.