man-undergoes-world-first-double-hand-transplant-scleroderma

ලොව ප්‍රථම වරට සිය දෙඅතම බද්ධ කිරීමකට ලක්කළ පුද්ගලයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍යයේ ස්ටීවන් ගාලාග්භර් මේ වනවිට යළිත් සාමාන්‍ය ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් සිටින බව වාර්තා වෙයි. ඒ අනුව මෙම දෙඅත් මාස කිහිපයකට පසුව ඔහුට සියදෙඅත් යොදාගනිමින් යම් සුළු සුළු ක්‍රියාකාරකම් සිදුකිරීමේ හැකියාව ලැබී තිබේ.  48 හැවිරිදි වියේපනවන් හට ඉතාමත් කලාතුරකින් සෑදෙන scleroderma නම් රෝගය වැලදීම මෙලෙස ඔහුට අලුතින් දෙඅත් බද්ධයක් සඳහා යොමුවීමට හේතුවිය. දැනට වසර 13කට පෙරාතුව සම මත අසාමාන්‍ය කුෂ්ඨ මතුවීමත් සමග ඔහුට මෙම රෝගය වැලදී තිබේ.



මෙහිදී ආසාදිත පුද්ගලයාගේම සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්විනාශ වී යාම සිදුවෙයි. ස්ටීවන් පවසන ආකාරයට මෙම ආසාදිත තත්ත්වය ඔහුගේ නාස, මුඛය සහ දෙඅත්වෙත බලපා තිබේ. මාස හතකට පමණ පසුව ඔහුගේ ඇගිලි ඇඹරීමට පටන් ගෙන ඇති අතර, ඉන් ඔහු දැඩි වේදනාවට පත්ව තිබේ. මෙම තත්වය මගහැරවීම සඳහා ඔහුට අලුතින් දෙඅත් බද්ධ කළ යුතුව ඇතැයි යන්න විශේෂඥ නිර්දේශය විය. එහෙත් දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ ස්ටීවන් ඊට අකැමති වී ඇති අතර, අවසානයේදි අවදානමක්ද රැගෙන ඔහු මේ සදහා කැමැත්ත පළ කර තිබේ. "මමයි, මගේ බිරිදයි මේ ගැන කතාකරද්දී අපි අන්තිම තීරණයට ආවා. කොහොමත් මගේ අත් දෙකම මට නැතිවෙනවා. ඒ නිසා මම වෛද්‍යවරුන් කියන දෙයකට කැමති වුණා.” ඔහු පවසයි.


ඒ අනුව ගැළපෙන දායකයකුගෙන් ලැබුණු දෙඅත් දෙකක් මෙලස ස්ටීවන් වෙත බද්ධ කර ඇත. 2021දෙසැම්බර් මාසය මැදදී සිදුකළ මෙම සැත්කම සදහා පැය 12ක කාලයක් ගත වී තිබේ. බ්‍රිතාන්‍යයේ ලීඩ්ස්හි ශික්ෂණ රෝහලේ ජාතික සෞඛ්‍ය සේවා අරමුදලේ කණ්ඩායමක් මගින් මෙම සැත්කම සිදු කර තිබේ.මෙය මෙම scleroderma රෝගය හේතුවෙන් ම දෙඅත් අලුතිත් පිහිටුවීම සඳහා සිදුකළ ලොව ප්‍රථම අත් බද්ධය ලෙසින්ද සැලකෙයි. "වේදනාව තමයි, ලොකුම කාරණාව වෙලා තිබුණේ. මේ සැත්කමට කලින් මට දැනුණු වේදනාව ගැන කියන්න වචන නෑ. ඒත් දැන් විශ්වාස කරන්න බැරි විදියටම ඒ වේදනාව නැතිවෙලා ගිහිල්ලා.” යනුවෙන් පවසා සිටියි.

මෙම සැත්කම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ලිඩිස් ශික්ෂණ රෝහලේ මහාචාර්ය සයිමන් කේ, "වකුගඩුවක් හෝ වෙනත් ඉන්ද්‍රියක් බද්ධ කිරීමකට වඩා අතක් බද්ධ කිරීම කියන්නේ බොහෝ වෙනස් කාරණාවක්. මොකද අත්දෙකක් කියන්නේ අපිට හැමදාම දකින්න තියෙන දෙයක් වගේම බොහෝ දේවලට යොදාගන්න දෙයක්.” යනුවෙන් පවසා සිටියි.  ඒ අනුව මෙම සැත්කම සඳහා රෝගියා සූදානම් කිරීම වෙනුවෙන් වෙනමම මානසික වෛද්‍ය සායනයක් ඔහු වෙනුවෙන් පවත්වන්නට කටයුතු කළ බවත් මහාචාර්යවරයා පවසයි. එසේම මෙම අලුතින් බද්ධ කළ දෙඅත් එම රෝගියාගේ සිරුරින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානම පිළිබදවද දැනුවත්කර තිබූ බවත් ඔහු සඳහන් කර සිටියි.