What-is-the-Monkeypox-virus-that-spreads-in-many-countries

ආසන්න දින කිහිපයේදී එක්සත් රාජධානිය, පෘතුගාලය, ස්පාඤ්ඤය සහකැනඩාව යන රටවලදී වාර්තා වී තිබූ Monkeypox වෛරසය ඊයේ (19 ) දිනයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේදීද හඳුනාගත් බව එරට බලධාරීන් අනාවරණය කළේය. පසුගිය දිනෙක කැනඩාවේ සිට යළිත් එරට වෙත පැමිණි මැසචුසෙට්ස් ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස එම වෛරසය ආසාදිතයෙකු බවට වාර්තා තිබේ. මෙම Monkeypox වෛරසය ප්‍රථම වරට ලොව හමුවී ඇ ත්තේ 1958 වසරේදීය. එහිදී පර්යේෂණ සඳහා රදවා තබා ගැනුණු වදුරන් සමූහයක් අතර මෙම වෛරසය හඳුනාගෙන තිබේ.



ඊට Monkeypox යන නම ලැබී ඇත්තේද මේ හේතුවෙනි. අනතුරුව 1970 වසරේදී ප්‍රථම වරට කොංගෝ ප්‍රජාතන්ත‍්‍රවාදී ජනයේදී වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හමුවී තිබේ. දිනට හඳුනාගෙන ඇති ආකාරයට මෙම Monkeypox වෛරසය උණ රෝගී තත්වයක්ත්සහ සිරුරේම කුෂ්ඨ හටගැනීමේ අවස්ථාවක් පෙන්නුම් කරන මෘදු මට්ටමේ වෛරසයකි. එය වසූරිය හෙවත් smallpox වෛරස පවුලට අයත් වෛරසයකි. 1970 - 80 දශකයේදී මෙම වසූරිය රෝග තත්ත්වය අප්‍රිකාව තුළ ඉතාමත් දරුණු ලෙස ව්‍යාප්ත විය. මෙම MonkeypOX වෛරසය සතුව යම් මාරාන්තික පවතින බවද මෙතෙක් සිදු කර ඇති අධ්‍යයනවලදී පැහැදිලි වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මෙම වෛරසය මූලිකවම මීයන් සහ වඳුරු කුලයට අයත් ප්‍රයිමේටාවන්වැනි වනසතුන්ගේ සිට මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වූවකි.

එසේම මිනිසුන්ගෙන් මිනිසුන්ටද මෙම වෛරසය බෝවීමේ අවස්ථාවක් පවතී. මෙහිදී වෛරසයේ ප්‍රධාන ප්‍රභේද දෙකක්ද හදුනාගැනීමට හැකිව තිබේ. ඉන් එකක් වන්නේ කොංගෝ ප්‍රභේදයයි. මෙය වඩාත් දරුණු ප්‍රභේදයක් ලෙස සදහන්ව තිබේ. එය සතු 10%ක පමණ වන මාරාන්තික බව ඊට හේත්තුවයි. අනෙක් ප්‍රභේදය වන්නේ බටහිර අප්‍රිකානු ප්‍රභේදයයි. එම ප්‍රහේත්වය සතුව 1%ක මාරාන්තික බවක් පවතී. පසුගිය කාලසීමාවේදී එක්සත් රාජධානියේදී හමුවී තිබුණේ මෙම බටහිර අප්‍රිකා ප්‍රභේදයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට මෙම Monkeypox වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන් වෙත බෝවීම සදහා  මූලිකවම හේතුවත් ආසාදිත පුද්ගලයෙකුගේ තුවාල මගින් පිටවන සැරවැනි දියර හා ස්පර්ෂවීම,

ආසාදිතයකු වසනයේදී  පිටවන අංශු, ආසාදිතයකු භාවිත කළ අයද රෙදි යනාදිය හවුල් භාවිත කිරීම යනාදී කාරණාය.

විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට පසුගිය මැයි 06  එක්සත් රාජධානිය තුළ ප්‍රථම වරට මෙම Monkeypox වෛරසය ආසාදිතයෙකු හඳුනාගෙන තිබුණි. එම පුද්ගලයා නයිජීරියාවේ සිට සංචාරය කර පැමිණි පුද්ගලයෙකු බව පැවසෙයි. අද වනවිට එරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 09කි. මේ අතර කාලයේදී පෘතුගාලය, ස්පාඤ්ඤය සහ කැනඩාවේදී මෙම වෛරස ආසාදිතයන් හදුනාගත් අතර දැන් එය එක්සත් ජනපදය දක්වාද ව්‍යාප්ත වී තිබේ. ඉන් පෘතුගාලයේදී ආසාදිතයන් 05ක් සහ කැනඩාවේදී ආසාදිතයන් 13ක් ලෙස එය සදහන්ව ඇත. මෙලෙස Monkeypox වෛරසය මෙලෙස රටවල් කිහිපයක් පුරා පැතිරීමට මූලිකම හේතුව වී ඇත්තේ කොරෝනා වසංගතය  නිසා නවත්වා තිබූ සංචරණයන් යළිත් ආරම්භ වීම බව සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස වී තිබේ.

ඒ අනුව මෙම වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සදහා එම ආසාදිතයන් සහ ඔවුන්ගේ  ආශ්‍රිතයන් කවුරුන්ද යන්න පැහැදිලිවම හඳුනාගැනීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසා සිටියි. එහෙත් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් එකිනෙකා ම අතර දැනුවත්ව යම් සබඳතාවක් පවතින බවට හඳුනාගැනීමට නොහැකිවීමද මෙහි ඇති ගැටලුකාරී තත්වයක් වී තිබේ. ඒ අනුව ආසාදිතයන් වාර්තාවීමක් සිදු නොවුණහොත් මෙම වෛරසය පුළුල් ලෙස සම්ප්‍රේෂණයවීමක් සිදුවනු ඇතැයිද සොඛ්‍ය විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

මේ අතර මෙම Monkeypox වෛරසය වසූරිය හෙවත් smalpox වෛරසය අයත් පවුලේම වීම නිසා එය මර්දනයට යොදාගත් එන්නතම Monkeypox වෙතින් ආරක්ෂාවක් ලබාගැනීමට යොදාගත හැකි බවද වෛද්‍යවරුන්ගේ අදභස වී තිබේ. මෙම එන්නත් උදව්වෙන් 1980 දශකයේදී වසූරිය වසංගතය සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් කිරීමට හැකිවිය. කෙසේවෙතත් මෙම Monkeypox වෛරසය COVID-19 වෛරසය මෙන් ලොව රටවල් පුරා දරුණු ව්‍යාප්තියක් සිදුවන වසංගතයක් බවට පත් නොවනු ඇතැයි වෛද්‍ය විශේෂඥයයන්ගේ අදහස වී තිබේ. එහෙත් මෙම වෛරසයත් යම් බලපෑමක් සිදුකළ හැකි වෛරසයක් බව සිහියේ තබාගෙන කටයුතු කිරීම වඩාත් සුදුසු දෙයවනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.