We-can-be-like-Sri-Lanka---Former-Chief-Minister-of-Andhra-Pradesh-Naidu

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි හිටපු මහ ඇමති චන්ද්‍රබාබු නායිදු සිය පක්ෂයේ තරුණ කන්ඩායමක් අමතමින් ශ්‍රී ලංකාවේ පවතින්නේ ශෝචනීය තත්වයක් බවත් ඒ තත්වය තමන්ගේ ප්‍රදේශයේදී ඉදිරියේදී ඇතිවීමට වැළැක්විය යුතු බවත් කියා ඇතැයි ඩෙකෑන් හෙරල්ඩ් වාර්තාවක දැක්වේ.

 ආන්ද්‍ර ප්‍රදේශ් හිටපු මහ ඇමතිවරයා කනස්සල්ල පළ කර 

"අපේ රාජ්‍යය තවත් ශ්‍රී ලංකාවක් වීමේ අවදානමක්" ඇතැයි දන්වා තිබේ.

ඔහුගේ පක්ෂය කුප්පම් මැතිවරණ කොට්ඨාශයේ සංවිධානය කරන ලද මහජන සම්බන්ධතා වැඩසටහනකදී අදහස් දක්වමින් නායිදු මේ කරුනු පැවසුවේය. “අප මේ තත්වය නොයනු ඇතැයි ප්‍රාර්ථනා කරනවා..


දැන් ලංකාවේ වගේ අවනීතිය සහ අවුල් සහගත බව ආවොත් හරිම කරදරයක් වේවි..රුපියල් කෝටි අට ලක්ෂයක් අපි රාජ්‍ය ණය ගෙන තිබෙනවා.. ඉදිරි වසර 30 සිට 40 දක්වා ආන්ද්‍ර ප්‍රදේශ් ජනතාවට මේ ණය ගෙවන්න වෙනවා.. මෙය සියලු දෙනාටම මහත් කනස්සල්ලක්.." නයිදු පැවසීය.

“ඔවුන්ගේ රටේ ආර්ථිකයේ සම්පූර්ණ කඩා වැටීමෙන් පසුව බැරිම තැන ශ්‍රී ලංකාවේ පාලකයෝ තම ජනතාව භෞතික වශයෙන් මර්දනය කිරීමට යොමුව තිබෙනවා. අපේත් දැන් දැන් සියල්ල හෑල්ලුවට ලක් කරමින් පුරවැසියන්ට නිමක් නැති ප්‍රහාර එල්ල කරනවා.. මේ ගැන සොයා බලන්න.. තවත් ශ්‍රී ලංකාවක් වෙන්න ඉඩ තියන්න එපා..‘ ඔහු පවසා තිබේ.