01.02pm
තමා විපක්ෂය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඡන්දයට නැවත ඉදිරිපත්වූ බවත් උදේ වනතුරු තමා දැන සිටියේ විපක්ෂය තමන්ට ඡන්දය දෙන බවක් යයි සියඹලාපිටිය මන්ත්‍රීවරයා ඡන්දය ජයගැනීමෙන් පසු කීය.
මෙම ඡන්දය ප්‍රකාශය වීමෙන් විවිධ අයගේ විවිධ ඇන්දවිලි රැවටිලි සියල්ල එලිවූ බවත් ජනතාව මෙම ඡන්ද විමසීමෙන් හදුනාගත් බවත් විපක්ෂ නායකවරයා කීය.
සියඹලාපිටියට පොහොට්ටුවේ ඡන්දය ලැබීම සමග සියල්ල වෙනස්වූ ආකාරය හදුනාගත හැකි බව විපක්ෂනායකවරයා කීය.
12.59pm
ප්‍රතිපලය සියඹලාපිටිය මහතා 148 ඉමිතියාස් බාකිර් මාකර් 65 නරක්වූ ඡන්ද 03
ප්‍රකාශිත මුළු ඡන්ද 218


12.28 pm
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ආර් සම්බන්ධන්, ජොන් සෙනෙවිරත්න,මයන්ත දිසානායක, CV විග්නේස්වරන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් යන සය දෙනා අද දින සභාවාරයට පැමිණ නොසිටි බැවින් ඡන්ද විමසීමට ඇතුළත් නොවීය.
ඒ අනුව නියෝජ්‍ය කතානායක තෝරාපත් කිරීම වෙනුවෙන් මැනුවල් ක්‍රමයට පැය එකහමාරකට ආසන්න වේලාවක් ගත කළ ඡන්ද විමසීමට 218 දෙනෙකු ඡන්ද ප්‍රකාශ කර තිබුණි.

>ප්‍රතිඵල ඉදිරියේදී නිකුත්වේ.
11.40 am
පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ ලෙස වැය කරමින් නියෝජ්‍ය කතානායකවරයෙකු වෙනුවෙන් ඡන්ද විමසීම මිනිත්තු 40 කටත් වැඩි වේලාවක් තිස්සේ තවමත් පැවැත්වේ. මෙම ඡන්ද විමසීම නිසා අද දින සියලුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබීමද කැපී පෙනෙන අතර මේ දක්වා නම් අඩගසද්දී කිසිවෙකු නොපැමිණි ගොඩට ඇතුළත්වූයේ නැත.

11.00 am
පවත්වන්නට යෝජිතවූ රහස්‍ය ඡන්දය වෙනුවට ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය පවත්වන්නැයි සංවාදයක් සභාවේ හටගත් අතර එයට පාර්ලිමේන්තු මහලේකම් හා කතානායක එකඟවූයේ නැත.

විපක්ෂ නායක කියා සිටියේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දෙන්න ඉන්න ආණ්ඩුවේ අය කාටත් දැනගන්න පෙන්වන්න ලෙසිනි. කෙසේ වෙතත් සංවාදයෙන් අනතුරුව වෙන වෙනම නම් අඩගසමින් සභාව මැද තිබෙන පෙට්ටියට ගොස් ඡන්දය පළ කිරීමට අවස්ථාව සලසන ලදි. ඡන්දය පළ කරන්නා ඡන්දය දෙන නියෝජ්‍ය කතානායකගේ නම ලියා අත්සන් කිරීමටද අවශ්‍යය.
මේ සඳහා 224 දෙනෙකුට අවස්ථාව ලැබෙන නිසා දිගු වේලාවක් ගතවේ.

10.50 am
අද දින පාර්ලිමේන්තු රැස්වීමේදී නියෝජ්‍ය කතානායක කෙනෙකු තෝරාගැනීමේ ඡන්ද විමසීමක් මේ වනවිට ආරම්භවී ඇත.



රංජිත් සියඹලාපිටිය ශ්‍රීලනිපය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා යෝජනා කළ අතර සජබ වෙනුවෙන් ඉමිතියාස් බකීර් මාකර් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා යෝජනා කළේය. මීට ආණ්ඩුවේ සහය දෙන බව දිනේෂ් ගුණවර්ධන කීය.
මෙම ඡන්ද විමසීම ආණ්ඩුවේ ශක්තිය උරගෑමක් ලෙස පෙන්නුම් කරනු ඇත.