
බංග්ලාදේශයේ ඩකා නුවරදී බංග්ලාදේශ පිල පරදා දෙවන ටෙස්ට් තරගය කඩුළු 10 කින් ජයගන්නට ශ්‍රී ලංකා පිල සමත් විය. ඒ අනුව ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 365කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 506ක් ලබා ගත්තේය.
දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බල ඇණිය, කසුන් රාජිත හා අසිත ප්‍රනාන්දු පිළිවෙලින් කඩුලු 5ක් හා 4ක් බිඳ හෙළමින් ප්‍රතිවාදීන් ලකුණු 169කට සීමා කළහ.
අනතුරුව ලකුණු 29ක ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගැනීමට සමත්වීමත් සමඟ දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
මෙම සම්පූර්ණ තරගයේදී අසිත ප්‍රනාන්දු කඩුළු 10 ක් දවා ගත් අතර මැතිව්ස් හා චන්දිමාල් ලබාගත් වැඩි ලකුණු ජයග්‍රහණයට ඉවහල් විය.
ලකුණු සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval