australia-sri-lanka-cricket

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මූලික සංචිත 03ක් පසුගියදා ප්‍රකාශයට පත්කළේය. ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයන් 24දෙනෙකු ඇතුළත් අතර,



ඊට ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරය අහිමි වූ පැතුම් නිස්සංකද ඇතුළත්ව සිටියි. ඔහු එක්දින හා විස්සයි20 සංචිත සඳහාද නම් කිරීම තේරීම් කමිටුව පියවර ගෙන ඇත. ඊට අමතරව නවක ක්‍රීඩකයන් වන මොහොමඩ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු හා ඩිල්ෂාන් මධුශංකද සංචිත ගතකර ඇත.දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එක්දින හා විස්සයි20 සංචිත සඳහා ක්‍රීඩකයන් 26 බැගින් වූ සංචිත දෙකක් නම්කර ඇත.

ශාරීරක යෝග්‍යතාව නිසි පරිදි නොමැති වීම හේතුවෙන් ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිව සිටි භානුක රාක්‍ෂ විස්සයි20 මෙම එක්දින මූලික සංචිත සඳහා නම්කර ඇත.චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර අයි.පී.එල්. වරම් දිනාගත් යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ විස්සයි20  මූලික සංචිතයට කැඳවා ඇත.

එමෙන්ම විස්සයි20 සහ එදින මූලික සංචිතයට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ දුනිත්  වෙල්ලාලගේද ඇතුළත් කර ඇත.

ඔහු මේ වනවිට ශ්‍රී ලංකා නැගීවන කණ්ඩායම සමගින් එංගලන්ත තරග සංචාරයකට සහභාගි වී සිටියි.මේ අතර මූලික එක්දින සංචිතයට ජනිත් ලියනගේ හා ධනය ලද ඇතුළත් අතර, වසරකට ආසන්න කාලයකට පසු ලක්ෂාන් සඳකැන් විස්සයි20 මූලික සංචිතයට කැඳවා ඇත. කෙසේ නමුත් එදින සංචිතයට දිනේෂ් චන්දිමාල් නම්කර ඇති වුවත්, ඔහුව විස්සයි20 සංචිතයෙන් ඉවත් කර ඇත. 

ආබාධ හේතුවෙන් පසුගිය කාලයේ පැවැති ජාත්‍යන්තර තරග කිහිපයක්ම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වු ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා මෙම කිසිදු සංචිතයකට ඇතුළත්ව නොමැත. තරගාවලිය ආරම්භ කරමින් පළමුව තරග 03කින් යුත් විස්සයි20 තරගාවලිය (ජූනි 07 සිට) පැවැත්වෙන අතර, ඉන් අනතුරුව තරග 05කින් යුත් එක්දින තරගාවලිය (ජුනි 14දා සිට) ටෙස්ට් තරගාවලිය (ජුනි 29දා සිට) පැවැත්වේ


( සංජීව ධර්මසේන)