athuraliye-rathana-speaks

අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේදී මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියා.

"මුළු පාර්ලිමේන්තුවම අද එපැයි කියන තත්ත්වයට රට පත්වෙලා තියනවා.සම්ප්‍රදායිකව අයිඑම්ෆ් එකට ගිය එක ගැන අපේ විවාදයක් නැහැ. නමුත්  අයිඑම්ෆ් කියන්නේ දේවාලයක් නෙමෙයි. මෙතන දැන් මුදල් ඇමතිවරයා නැ.

පහුගිය අවුරුදු 15 අරන් බැලුවොත් අපිට ඉතාම වාසිදායක කොන්දෙසිය තමයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලින් තීරසාර සංවර්ධන ප්‍රතිපත්තියට ණය ලබා ගන්න එක. ඒ ගැන වැඩසටහනක් හදලා තියනවාද? බිලියන 100ක් අවුරුද්දට වෙන් කරනවා.ඒක අපි අරගෙන නැහැ. අපි පහුගිය අවුරුදු 7,8 ඇතුළේ කිසි දෙයක් කලේ නැහැ. අද අපට මෙගාවොට් 100ක් අපි නිෂ්පාදනය කලා නම් අද මෙහෙම විදුලි අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගෙම් මමත් වගඋත්තරකාරයෙක් වෙලා තියනවා මේ වස විසෙන් තොර ගොවිතැන. මේ වෙනුවෙන් අපි පෙනි සිටියා.  ආණ්ඩුව තන්ට මුදල් නැති නිසා හිටිඅඩියේ පැය විසිහතරෙන් මේක කරන්න ගියා. කරන්න ගිහින් අපිටත් පාරේ යන්න බැරි තත්ත්වයක් ඇති කලා. "