
ශ්‍රී ලංකාවට මුදල් එවන විදේශීය ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
වසරකට ඩොලර් 100,000 ක මුදලක් ප්‍රේෂණය කළ පුද්ගලයින් සඳහා වාහන ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට තමන් යෝජනා කරන බව අමාත්‍යවරයා පැවසීය.
එම යෝජනාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට මුදල් එවීමට දිරිගැන්වීමේ තවත් ක්‍රම පිළිබඳව සොයා බලන බව ද අමාත්‍ය නානායක්කාර මහතා පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval