The-player-who-brought-a-guest-to-the-hotel-before-the-first-Test

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය අතරතුර 18 දෙනකුගෙන් යුත් සංචිතයේ සිටි එක් ක්‍රීඩකයෙකු සිය මංගල ටෙස්ට් තරගයට සහභාගීවන්නට හෝ අවස්ථාවක් නොලබාම නැවත සිය රටට කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.


මෙයට හේතුව ලෙස මුලින් වාර්තාවූයේ ඔහු නොකල්හි වීදි සංචාරය කලේය යන්නයි.නමුත් ඒඑෆ්පී පුවත් සේවය මේ වනවිට ජාත්‍යන්තරයට වාර්තා කර ඇති පරිදි 21 හැවිරිදි ක්‍රීඩකයා නැවතී සිටි හෝටල කාමරයට අමුත්තියක කැඳවා ඇති බවත් එවැනි කටයුතු සඳහා අවසර නැති බව දැන දැනම නීති විරෝධී ක්‍රියාව සිදුකරන ලද බවත්ය.


හෝටලයේ සීසීටීවී දර්ශන මගින් සාක්ෂි තහවුරුවීම නිසා ඔහුගේ වරද සම්බන්ධයෙන් බරපතල පියවරක් ගන්නට ක්‍රිකට් බලධාරීන්ට සිදුව ඇත. කෙසේ වෙතත් නැවත ලංකාවට පැමිණි පසු ඔහු ඒ සම්බන්ධ පූර්ණ පරීක්ෂණයකට ලක්වන අතර එහිදී තමා නිවැරදි නම් ඒ බව කිව හැකිය.
මින් ඉහත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වීදි සංචාරයන් සිදු කළ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් තිදෙනෙකු දිගු කලකට ක්‍රිකට් තහනමකට ලක්වූ නමුත් මෙවැනි අතට හසුවන දේවල් කර තිබුනේ නැත.
විමතියට කාරණාව නම් ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් වලින් පසු ක්‍රීඩා සමාජ හරහා මතුවී අනතුරුව ප්‍රධාන කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබෙන ඉතා විරල අවස්ථාවේදී තමන්ගේ පළමු ටෙස්ට් වරම ලබාගන්නට ඔන්න මෙන්න කියා තිබියදී මෙවැනි විනය විරෝධී කටයුතු සිදු කිරීමය.
 ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ සංචාරයක නිරතව සිටින අතරතුර මොහු 2019 සැප්තැම්බරයේදී, බීමතින් නොහොබිනා ලෙස හැසිරීම හේතුවෙන් තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ
දඬුවම්  වලට ලක්වූවෙකු වන අතර මෙවර ඔහු දෙවැනි වතාවට විනය ප්‍රශ්නයකට මැදිව ඇත.



ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය අනුව ක්‍රීඩකයාගේ සංචාර කොන්ත්‍රාත්තුවේ දැක්වෙන පරිදි ක්‍රීඩකයාගේ හැසිරීම/හැසිරීම පාලනය කරන නීති රීති [අංක අංක 1 (j)] උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කිරීම හැර වරදක් සඳහන් කර නැත. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය පවා ඔහුගේ නොහොබිනා හැසිරීම දැන් ප්‍රසිද්ධ කර අවසන්ය.

සිද්ධියට අදාළ පෙර විස්තරය
බංග්ලාදේශේ ක්‍රිකට් ගහන්න ගිහින් රෑ ඇවිද්ද කමිල් මිෂාර නැවත කැඳවයි