Restricting-the-summoning-of-staff-to-government-agencies-is-officially-announced

රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල කැදවීම සීමා කිරීමට ගත් තීරණයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙයි.
ඉන්ධන සපයා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මත රජයේ නිලධාරීන්ට සේවයට වාර්තා කිරීමට දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන කරුණු සැළකිල්ලට ගනිමින් රජයේ කාර්යාලවලින් ජනතාවට ඉටු වන කාර්යයන්ට බාධාවක් නොවන ලෙස රජයේ නිලධාරීන් සේවයට කැදවීම සීමා කිරීමට මෙහිදී තීරණය කර ඇත.
ඒ අනුව නැවත උපදෙස් ලබාදෙන තෙක් අත්‍යවශ්‍යම අවම නිලධාරීන් පිරිසක් පමණක් සේවයට කැදවීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්න මහතා දැනුම් දී ඇත. ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට යවා තිබෙන අතර අදාළ නියෝගය පහත පරිදිය.