New-York-City-removes-the-last-PAYPHONE-stall

එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටුවා තිබූ ක්‍රියාකාරී මට්ටමේ පැවැති අවසන් Payphone දුරකථන කුටියත් ගලවා ඉවත් කිරීමට එහි නගර බලධාරින් ඊයේ (24) පියවර ගෙන තිබේ.  මෙම දුරකථන කුටිය දැනට දශක කිහිපයකට පෙරාතුව එහි ස්ථාපිත කරවූවක් වන අතර, එය නගරයේ සුවිශේෂී සලකුණක් ලෙස පැවතුණි. කෙසේ වෙතත් නගරය තුළ ජංගම දුරකථන භාවිතය ඉහළ යාමත් සමග මුදල් ගෙවා දුරකථන ඇමතුම් ලබාගැනීමේ පහසුකම් සැලසූ මෙවැනි කුටි සදහා වන ඉල්ලුම පහළ වැටීම සිදුවිය.

ඒ අනුව 2015 වසරේ සිට එම දුරකථන කුටි ඉවත් කරමින් ඒ වෙනුවට LinkNYC සේවාව ලබා දීමට කටයුතු යොදා ඇත. මෙමගින් අධිවෙගී අන්තර්ජාල වයිෆයි පහුසකම සහ නොමිලේ දුරකථන ඇමතුම් සහ ජංගම දුරකථන සඳහා ආරෝපණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකාරීම යනාදී කටයුතු සිදුවෙයි. මෙලෙස නගරයෙන් ඉවත් කෙරුණු අවසන් Payphone කුටිය නිව්යෝක් නුවර කොතුකාගාරයේ ස්ථාපිත කෙරෙනු ඇති බවත් බලධාරින් පවසයි. එමගින් වර්තමානයේදී පවතින ඩිජිටල් නගරයට පෙරාතුව පැවැති ඇනලොග් නගරය පිළිබද අතීතය සිහිගන්වනු ඇතැයි සඳහන් වෙයි.