
මේ වනවිට පැනනැගී ඇති ඉන්ධන හිගය හේතු කොට හෙට 20 දින අත්‍යවශ්‍ය නොවන රජයේ සේවකයින්ට නිවාඩු ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ අද (19) දින පාර්ලිමේන්තුවේදී දන්වා සිටියේය.
ඉන්ධන අඩුපාඩුව සති අන්තය වනවිට යහපත් තත්වයට ගෙනඒමට අපේක්ෂා කරන බවත් හෙට 20 සිකුරාදා වැඩට ඒම අඩු කළොත් සහ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කිරීමට ජනතාව කටයුතු කළොත් ප්‍රශ්නය අවම කරගත හැකි බවද ඔහු පැවසීය.
මෙය රාජකාරී නිවාඩුවක්ද නැතිනම් නිවසේ සිට වැඩකරන දිනයක්ද යන්න තවම පරිපාලන අමාත්‍යංශය පැහැදිලි කර නැත.
හෙට 20 නිවාඩු ගන්නා ලෙස රජයේ සේවකයින්ට අගමැතිවරයා දන්වා සිටියේ පහත පරිදිය. වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval