ප්‍රීමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා තිරිඟු පිටි මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා යොදාගනු ලබන මිල්ක් වර්ගයේ තිරිඟු පිටි කිලෝවක් රු 243.50 ක් වන අතර මෙලෙස මිල වැඩි විමත් සමඟ තිරිඟු පිටි කිලෝ 50ක මිටියක් මිලදී ගැනීමට රුපියල් දස දහසකට වැඩි මුදලක් වැයවන බව බේකරි හිමියන් ප්‍රකාශ කර සිටී.
බේකරි හිමියන් වැඩිදුරටත් පවසා සිටින්නේ මේ හේතුවෙන් පාන් ඇතුළු අනෙකුත් බේකරි කෑම වල මිල යළිත් ඉහළ දැමීමක් සිදුවිය හැකි බවත් අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩිවීම හමුවේ බේකරි කර්මාන්තය කඩාවැටීමේ දැඩි අවදානමක් ඇති බවත්ය.
දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට සැම එලවළු වර්ගයකම මිලද ඉහල ගොස් ඇති බව හැටන් නගරයේ එලවළු වෙලෙන්දන් පවසති.
ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ගොවින්ට ලබාදිමට නොහැකි තත්ත්වය හමුවේ මෙසේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල යමින් පවතින බව වෙලෙදුන් කියා සිටියි.
තක්කාලි කිලෝවක් රු 800 , කැරට් කිලෝවක් රු 400 , මාළු මිරිස් කිලෝවක් රු 400 , බටු කිලෝවක් රු 450 , අර්තාපල් කිලෝවක් රු 300 , ලික්ස් , බිට්රුට් සහ ගෝවා කිලෝවක් රු 300 මිලකටත් , අමු මිරිස් කිලෝවක් රු 600 වැනි මිලකට අලෙවි වන බව වාර්තාවේ.
මෙයට සමගාමිව පහතරට එලවළු මිල ද ඉහල ගොස් ඇති බවත්, එම එලවළු කිලෝවක් ද රු 400 කින් ඉහල මිලකට අලෙවි වන බවත් දන්වා ඇත.
0 Comments