A-young-man-who-offered-to-provide-free-transportation-for-OL-students

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ගමනාගමන අපහසුතා ඇති දරුවන් සඳහා ගොඩගම සිට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය  දක්වා නොමිලයේ ප්‍රවාහන පහසුකම් ලබා දීමට තමන් සූදානම් බව මීගොඩ නදුන් උයන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සඳුන් සුරංජන තරුණයා පවසයි.



පවතින ඉන්ධන අර්බුදය නිසාවෙන්  සාමාන්‍ය පෙළ විභාගය සඳහා යන දරුවන්ට ගමනා ගමන අපහසුතා ඇති විය හැකි බැවින් පුරවැසි වගකීමක්  ලෙසද අද (23) සිට විභාගය අවසන් වන දිනය දක්වා මෙම සේවාව ලබා දීමට කටයුතු සංවිධානය කර තිබෙන බවද ඔහු කීය.

තමන් සතුව ඇත්තේ විද්‍යුත් ආරෝපණයෙ න් ක්‍රියාත්මක මෝටර් රථයක් වන බැවින් තමන්ට ඉන්ධන පිළිබඳව ගැටලුවක් නොමැති බවත් තම රථයේ ගමනාගමන පහසුකම් ලබාදිය හැක්කේ දරුවන් පස් දෙනකුට වුවද එය සුළු පරිමාණයේ කටයුත්තක් වුවද  විශාල පිරිසක් මේ  ආකාරයෙන් තම පුරවැසි වගකීමක් සේ සලකා කටයුතු  කළහොත් එය දරුවන් විශාල පිරිසකට  මහත් සහනයක් වනු ඇති බවද සඳුන් සුරංජන පැවසීය.