9-may-arrst-list

පසුගිය මැයි 09 දා අරගලවලට පහර දීමේ සිද්ධි සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අනුව පිරිස් අරලියගහ මන්දිරයට කැඳවා උසිගන්නා පිටත් කළ බවට චෝදනා පවතින හා එසේ ගමන් කරද්දී බාධාවක් නොකළ
ජොන්ස්ටන් ප්‍රනාන්දු,, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න,

මිලාන් ජයතිලක, මහින්ද කහදගම, ඩෑන් ප්‍රියසාද් ,  දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 25ක් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන ඒ අනුව අවශ්‍ය නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
මෙම ලැයිස්තුවට හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ නම ඇතුළත්ව නැත.



නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ වල උදෘත අනුව මෙම නියෝගය පැනවූ බවයි.
එම උදෘත විමර්ශනයට ලක් කිරීමේදී මෙම පුද්ගලයින් අදාළ අපරාධය සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති බවත් ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇති බවත් පැවසිණි.නීතිපති නියෝග ප්‍රකාරව ප්‍රකාශ ලබාගෙන පරීක්ෂණ පවත්වන ලෙසට පොලිස්පතිවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.