
රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ගමත් අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ අත්‍යවශ්‍ය නොවන රාජකාරී සදහා නිවාඩු දුන් පසුබිම අනුව යමින්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. හෙට මෙම වාරයේ අවසන් දිනය ලෙස නම් කර තිබූ නමුත් එය නොපවත්වා නිවාඩුව අරඹා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි 6 ඇරඹෙන බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval