10-cabinet-ministers-from-5-parties-will-be-sworn-in-today

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ පිහිටුවා ඇති රජයේ ඇමති ධූර භාරගැනීමට ඇතැම් පක්ෂවල නායකයන් අකමැති බවට වාර්තා පළවුවත් නායකයන් කියූ දේවල් වලට පිටින් යමින් රට ගොඩනැගීමේ උදාර පරමාර්ථය පෙරදැරිව රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත්කිරීමට මේ දක්වා විපක්ෂයේ සිටි හෝ ස්වාධීනව සිටි මන්ත්‍රීවරුන් 10 ක් නව ඇමතිවරුන් ලෙස අද දිවුරුම් දීමට නියමිතව තිබේ.


වාර්තාවන ආකාරයට එලෙස එක්වන අය මෙසේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ

  • නිමල් සිරිපාල ද සිල්වා -සෞඛ්‍ය ඇමති
  • මහින්ද අමරවීර -කෘෂිකර්ම ඇමති

ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන

  • සුසිල් ප්‍රේම ජයන්ත, -අධ්‍යාපන ඇමති
  • විජයදාස රාජපක්ෂ  - අධිකරණ ඇමති
  • ටිරාන් අලස් -මහජන ආරක්ෂක ඇමති
  • අනුර ප්‍රියදර්ශන යාපා

ලංකා කම්කරු කොංග්‍රසයේ

  • ජීවන් තොන්ඩමන්


ඊපීඩීපී නායක

  • ඩග්ලස් දේවානන්ද

සමගි ජන බලවේගය

  • හරීන් ප්‍රනාන්දු
  • මනුෂ නානායක්කාර


ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ,අගමැතිවරයා ඇතුළුව 25 දෙනකුට සීමා කෙරෙන අතර, ජනපති අගමැතිට අමතරව පසුගිය සතියේ 4 ක් අද 10 ක් සමග දැනට 16 කි.  ඉතිරි පිරිස පොදුජන පෙරමුණෙන් සම්බන්ධ කරගනු ඇතැයි වාර්තා පළවේ.
නියෝජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමටද නියමිතය.