
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආණ්ඩුවේ පිරිස මේ අවස්ථාවේ මන්ත්‍රීවරුන් බිලාබාගැනීමේ බාල සටනක නිරතවන බව කියා සිටියේය.
ඔහු එහිදී මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද හා තනතුරු ලබාදෙන්නට උත්සාහ කරන අයගේ නම්ද හෙළි කළේ මෙසේය.
‘හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එයා තාම මැච් එක අතෑරලා නෑ.අපේ පක්ෂ එකොළහේ මන්ත්‍රී කණ්ඩායමේ එක් මන්ත්‍රීවරයෙක්ගෙ ගෙදරට යනවා රේණුක පෙරේරා බැසිල් රාජපක්ෂගේ කුක්කෙක්..සංජීව එදිරිමාන්න...බැසිල් රාජපක්ෂගේ හුරතල් සතෙක්..
ඊළඟට යනවා කැටගොඩ මන්ත්‍රීවරයා... පාන්දර දෙකට යන්නෙ...ආයේ උදේ අටහමාරට එන්නෙ. මොනවද යෝජනා කරන්නෙ.. දෙන දොළපිදේනි ගැන..ඇමතිකං ගැන.. ඒ කියන්නෙ මේ බැසිල් රාජපක්ෂ කියන පාපතරයා තාමත් බලනවා මේ රටේ එක එක සෙල්ලම් වෙට්ටු දාලා මේක අල්ලගෙන ගැටගහලා තියාගන්න‘
මීට අමතරව මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු එක් එක් මන්ත්‍රීවරුන්ට දුරකථනයෙන් කතා කර ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වාට සෞඛ්‍ය ඇමතිකම දෙන්නම් එන්න යයි දන්වා තිබූ බවත් ඔහු හෙළි කළේය.