tylvin-derana-edited

ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ගෝල්ෆේස් ජන අරගලය සම්බන්ධයෙන් පැවසූ මතයක් ඊයේ සිට සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්විය. ඔහු නිර්පාක්ෂික අරගලයට ජවිපෙ ලේබලය අලවන්නට උත්සාහ ගන්නා බවට එම මතයෙන් කියැවිණි.
කෙසේ වෙතත් මෙම මතවාදය පැනනැග ඇත්තේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිල්වින් ඒ ගැන සතය ලෙස කියූ දෙය නොව වෙනත් අර්ථයක් එන ලෙස එය සංස්කරණය කිරීමෙන් ඉදිරිපත් කිරීම නිසා බවට මේ වනවිට පැහැදිලි කිරීමක් සිදුව ඇත.
දෙරණ නාලිකාව මින් ඉහත මෙැවනි සංස්කරණ සිදු කර මෛත්‍රී හිටපු ජනපති කාලයේ නීතිමය ප්‍රශ්න වලටද මුහුණ දුණි.


පහත පළවන්නේ නිවැරදි ලෙසම මාධ්‍ය සාකච්ඡාවේදී පළවූ ටිල්වින්ගේ අදහසයි

මාධ්‍යවේදීයා : ඔබතුමන්ලා කොහේදි හරි මේ ගෝල්ෆේස් අරගලය නිර්පාක්ෂික අරගලයක් කියලා නම් කරලා තියෙනවාද ?...

ටිල්වින් සිල්වා : ඇත්තටම අපි ජාතික ජන බලවේගය විදිහට මේ අරගලය නිර්පාක්ෂික අරගලයක් කියලා නම් කරලා නෑ,

අපි දැක්කා මේක සමහරු නිර්දේශපාලනිකයි කියන්න උත්සාහ ගන්නවා , ඕගොල්ලො ඔක්කොම දන්නවා නිර්දේශපාලනික අරගල කියලා දෙයක් තියෙන්න විදිහක් නෑ...
මොකද ප්‍රශ්නය දේශපාලනිකයි...
උත්තරයත් දේශපාලනිකයි ඒ නිසා අරගලයත් දේශපාලනිකයි...
සමහර අය මේකට නිර්පාක්ෂික කියලා කියනවා,
එහෙම කියන එකට අපේ විරුද්ධත්වයක් නෑ, ඒක අපි කියපු එකක් නෙවෙයි...
නමුත් අපි විරුද්ධ නෑ මොකද...
මේ අරගලය තුල විවිධ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ අය ඉන්නවා, අපි ගත්තොත් අපේ සමාජවාදී කලා සංගමයේ සහෝදර සහෝදරියො එතන ඉන්නවා,
අපේ තරුණ සංගමයේ අය ඉන්නවා...
කාන්තා සංගම් වල අය ඉන්නවා...
අපේ ගුරු සංගම් ,වෘත්තීය සමිති එතනට ගිහින් ඉන්නවා,
නමුත් ඒ අතර විවිධ පක්ෂ වලට ජන්දෙ දීපූ අය ඉන්නවා...
තාමත් තීන්දුවක් ගත්තේ නැති අය ඉන්නත් පුළුවන් ,
ඒ නිසා මේ වගේ අරගලයකට එක පක්ෂෙක ලේබල් අලවන එක ඒ අරගලය පුළුල් කර ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්...
ඒ නිසා අපිට ඕනේ නෑ මේ අරගලය ලේබල් කර ගන්න...
Edited & Non Edited Videos Below