
ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස ප්‍රවීණ නළු බන්දු සමරසිංහ පත්කර ඇතැයි වාර්තා වේ.
පසුගිය ජනපති මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමේ රටපුරා පැවති රැළිවල ප්‍රධාන කථිකයෙකු ලෙස
කටයුතු කළ බන්දු සමරසිංහගේ දේශපාලනික පක්ෂපාතීත්වය සුදුසුකමක් ලෙස සලකා මෙම පත්වීම සිදුකර ඇතැයි විශ්වාස කෙරේ.
පරිපාලකයෙකු ලෙස ඔහු මින් ඉහත කටයුතු කර නැති අතර වාණිජ සිනමාවේ කැපී පෙනෙන විකට නළුවෙකු ලෙස රංගනයේ නිරතවිය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ තනතුරු වලට පුද්ගලයින් නම් කිරීමේදී දක්වන නිවැරදි දැක්ම මෙම පත්කිරීම තුළින් විද්‍යාමාන වන්නේද යන්න ප්‍රශ්නයට නගමින් මේ පත්කිරීම සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලාංකිකයින්ගේ සමාජ මාධ්‍ය සමූහ තුළ විවේචන පැනනැගී ඇත.
ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරිය වූ නීලා වික්‍රමසිංහ මහත්මිය වැඩභාරගෙන සති දෙකක් වැනි කාලයක් තුළ අභාවප්‍රාප්ත වූ අතර ඇගේ අභාවයෙන් හිස් වූ කන්සියුලර් තනතුර සඳහා මෙලෙස බන්දු සමරසිංහ නම් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval