
රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය ඉතුරු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මහා සඟරුවන තිස්සමහාරාම වටරවුම අසල ඊයේ (26) පෙරවරුවේ සත්‍යග්‍රහයක නිරත වූහ. සත්‍යග්‍රහයට එක්වූ දෙසීයකට අධික මහා සංඝරත්නය තිස්සමහාරාම පොලිසිය අසල සිට පා ගමනින් තිස්සමහාරාම නගරයට වැඩම කරවා
සත්‍යග්‍රහයට සහභාගී වූහ. මහා නාහිමි මතයට හිස නමන ලෙසත්, සියලු ජාතීන්ට එක මවුබිමක සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය. ගොඩනගා ගැනීම සඳහාත් බල කරමින් සත්‍යග්‍රහය පැවැත්විණි.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අම්බලන්තොට, බැරගම ගල්විල පුරාණ රජමහා විහාරස්ථානයේ බැරගම විමලබුද්ධි හිමියෝ මෙසේ පැවැසූහ.
ජාති භේදයකින් තොරව දුර්දාන්ත පාලනයට එරෙහිව ත්‍රෙනිකායික මහා සංඝරත්නයේ මහානාහිමිවරුන් මෙම පාලකයන්ට ඉවත්වෙන ලෙස දැනුම් දී තිබියදීත් ආත්මාර්ථකාමීව බලයට ඇති කෑදරකමින් රැඳී සිටීම මහා සඟරුවන විදියට හෙළා දකිනවා. සියලු ජාතීන්ට එක මවුබිමක සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය ඇති කළ යුතුයි.
රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාත් අධිකරණ සංඝනායක මැණික් රාජමහා විහාරයේ විහාරාධිපති දම්සර අධ්‍යාපන ආයතනයේ විදුහල්පති තංගලේ ජිනරතන හිමියන් පැවසුයේ ,
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලා දහසක් පමණ ලබන 30 වැනිදා සවස දෙකයි තිහට පා ගමනයෙන් ජනාධිපති මැදුර දක්වා ගොස් ජනපති ඇතුළු මෙම රජයට ඉවත් වන ලෙස සංඝ ආඥාවක් බාරදීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටින බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval