
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන විශ්වවිද්‍යාල ශිෂ්‍ය 28 හැවිරිදි තිසර අනුරුද්ධ බණ්ඩාර මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (2) රාත්‍රී ඇප මත මුදාහළ බව වාර්තාවේ.
මෝදර පොලීසියේ කියාගත් සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක් පැමිණ ඔහු 1 වනදා රැගෙන ගොස් ඇති බවට මුලින් වාර්තාවිය. පසුව මෝදර පොලීසියෙන් ඔහුගේ පියා කළ විමසීමේදී එම තරුණයා පොලීසිය විසින් රැගෙන නොආබව පවසා තිබුණි. නමුත් පසුදා (2) ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය දන්වා සිටියේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඒ ගැන ලිපි යොමු කිරීමෙන් පසුය.සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් ප්‍රචාරය කරමින් ජනතාව අතර භීතියක් ඇති කළ බවත් ඔහු ගම්පොළ ඇත්ගල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පවසා තිබුණි.
තිසර අප්‍රේල් 03 විරෝධතාවය සංවිධානය කළ පුද්ගලයන්ගෙන් එක් අයෙකු වූ අතර GoHomeGota2022 ෆේස්බුක් කණ්ඩායමේ ඇඩ්මින්වරයෙක් ලෙසද ක්‍රියාකරන බව පැවසිණි.
ඔහු අත්අඩංගුවට පත්වූ පසු GoHomeGota2022 ෆේස්බුක් Group එක අක්‍රීය කර Archive කරන ලද බව වාර්තා විය.
තරුණ ක්‍රියාකාරි අනුරුද්ධ බණ්ඩාරට අධිකරණය ඊයේ රාත්‍රී ඇප ලබාදී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval