
තමන් මුදල් ලබාගෙන පක්ෂ මාරු කළේ නැති බවත් මෙම අවස්ථාවේ ආණ්ඩුව අයිඑම්එෆ් ණයක් ගන්න යන නිසා පක්ෂයේ මතය පසෙකලා තමන් ඇමති ධූර ලබාගත් බවත් අයිඑම්එෆ් ලංකවේ දේශපාලන ස්ථාවරත්වය සොයන නිසා එය බලාත්මක කිරීමට මෙම පියවර ලත් බවත් කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර දන්වා සිටියි.
ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හඩා වැලපෙමින් මෙම කතාව කළේය. සිය නිවස බීමත් පාක්ෂිකයින් පිරිසක් වටකර තමාට තර්ජනයක් ඇති කළ බවත් සිගිති දුව ඪයේ දවසටම කෑවේ නැති බවත් කියමින් ඔහු මයික්‍රෆෝනය අසළ හැඩුවේය.
අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval