sanjeewani-weerasinghe

ගායිකාවක වන සංජීවනී වීරසිංහ පසුගියදා ලොස් ඇන්ජලීස් නුවර ගෝඨාගෝහෝම් විරෝධතාවයට එක්වන්නට උත්සාහ දැරූ අවස්ථාවේ එතැන සිටි ඇතැම් අය ඇය එම විරෝධතාවයට එක්වනවාට අකමැත්ත පළ කළ අතර ඒ ගැන මාධ්‍ය ඔස්සේ වාර්තාද පළ විය. පසුගිය ජනපතිවරණ ප්‍රචාරණ කාලයේ සජිත් ප්‍රේමදාස කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම විවේචනයට ලක්කර උපහාසාත්මක කතාවක් කළ කලා ශිල්පිනියක ලෙස ඇය ප්‍රකටය.
කෙසේ වෙතත් ඇය ලොස් ඇන්ජලීස් වීරෝධතා භූමියෙන් ඉවත් නොවූ අතර එහි සිට විශේෂ ප්‍රකාහයක් කරමින් කියා සිටියේ ඒ කාලයේ ගෝඨා ට සහය දුන් තමා දැන් කලකිරී ගෝඨා එපා කියන තැනට පැමිණ ඇති බවයි.තමා 69 ලක්ෂයේ හිටපු කෙනෙක් ලෙස ඇය අදහස් දක්වා තිබේ.
සංජීවනී පළ කර තිබෙන අදහස් පහත පරිදිය.



“මම කවුරුත් අහන 69 ලක්ෂයේ හිටපු කෙනෙක්. අපි ගොඩක් විශ්වාසයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට වැඩ කළා. ශ්‍රී ලාංකිකයන් විදින දුක ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අපි කවුරුත් එකතු වෙනවා. මට තියෙනවා එක දෙයක් කියන්න මේ වෙලාවේ පක්ෂ, පාට පටු අරමුණු ලංකර ගන්නේ නැතිව අපි ශ්‍රී  ලාංකිකයන් වෙනුවෙන් කථා කරන්න ඕන.

ඊට පෙරාතුව මම කිසිම දේශපාලන පක්ෂයකට සහාය දීලා නෑ. ප්‍රජාතන්ත්‍රවායද අනුව රටට යහපතක් කරයි කියලා හිතන පක්ෂයට අපි සහාය දුන්නා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ කියලා දැනෙන කොට ඒකට විරුද්ධ වෙන්නත් අපිට අවස්ථාව තිබෙනවා.

සමහරු ඉන්නවා මේ අය පොහොට්ටුවට උදව් කළේ අපිට එකතු වෙන්න ඕන නෑ කියලා හිතන. නමුත් ඒක ගණන් ගන්නේ නැතිව මම ආවේ ශ්‍රී ලාංකීය මහජනතාව නියෝජනය කරන අයෙක් හැටියට දැනට පවතින පොහොට්ටුවේ රජයට මගේ අප්‍රසාදය පළ කිරීමට.

මේ පවතින රජය අසීමිත බලය අවභාවිත කරපු හැටි මිනිස්සු තැලුන පෙලුණ හැටි මගේ අප්‍රසාදය තිබෙනවා. දැන්වත් රටේ මිනිස්සු ගැන හිතලා ක්‍රමවේදය වෙනස් විය යුතුයි.



අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දේ දුන්නේ රට හදන්න. ඒකට ද්විත්ව පුරවැසියන් ඇවිල්ලා රටේ වගකිවයුතු අමාත්‍යධුරය අරගෙන රටේ ආර්ථිකය විනාශ කරනවානම් මිනිස්සු දුක් විදිනවානම් ඒකට සහාය දෙන්නේ නෑ. අපි කොයි වෙලාවෙත් ශ්‍රී  ලාංකේය ජාතිය සමගයි. මේ වෙලාවේ එක එක්කෙනාට  ඇඟිලි දිගු කරනවාට වඩා අපි එක් ජාතියක් ලෙස එක්විය යුතුයි”