
තමන් රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.
ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී
තිිබේ. තමා අගෝස්තු 01 දා සිට බලපැවැත්වෙන පරිදි සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන
බව දැනුම් දී තිබේ.
මේ අනුව කෙටි කාලයක් තුළ රාජ්‍ය අමාත්‍යධුර අත්හැරි දෙවැනි මන්ත්‍රීවරයා වන්නේ රොෂාන්
රණසිංහ මහතායි. මීට පෙර නිමල් ලංසා මහතාද සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය.
ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙසද ප්‍රකට රොෂාන් රණසිංහ එංගලන්තයේ පදිංචියට යාමට නියමිත බවට පසුගිය දිනවල විවිධ ආරංචි පැවතිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval