janaka-ratnayake-speaks

පාසල් නිවාඩුව නියමිත දිනට පෙර ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහත විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර තිබෙයි.




පවතින ඉන්ධන හිඟය සහ විදුලි අර්බුදය හේතුවෙන් මෙම නිර්දේශ ඉදිරිපත් කළ බව රත්නායක මහතා සඳහන් කළේය.
 ලබන සිකුරාදා  (08) ලබාදීමට නියමිත අලුත් අවුරුදු පාසල් නිවාඩුව ලබන සඳුදා (04) සිට ක්‍රියාත්මක කරන ලෙස ඔහු ඉල්ලා ඇත.
මීට පෙර ඉන්ධන හා විදුලි හිඟය නිසා රජයේ කාර්යාල කටයුතු නිවසේ සිට කරන ආකාරයට මාරු කරන ලෙසද ඔහු ඉල්ලා තිබූ නමුත් කිසිවෙකු එයට ප්‍රතිචාර දැක්වූයේ නැති අතර රජයේ කාර්යාල කටයුතු වල වෙනසක් නොවිණි.