
අරගලයට එක්වූ ගුරුවරියක් මාධ්‍ය වෙත තම අදහස් මෙසේ දක්වා තිබුණි.
''ඇත්තටම අද අපි මෙතැනට ඇවිත් ඉන්නේ දරුවෝ වෙනුවෙන්...අපි ඡන්දය දීලා නමුත් නොදරුවෝ ඡන්දයක් භාවිතා කරලත් නෑ ඒ අහිංසක දරුවන්ට රටක් නැති කරන එක තමයි වැඩිහිටියෝ විදිහට දැන් කරලා තියෙන්නේ.ඡන්ද බලය ලැබිච්ච ගමන් විවිධ පක්ෂ වලට ඡන්ද දීලා දීලා අපි පත්කරගත් පාලකයෝ කවදාවත් මිනිස්සුන්ට ඕන දෙයක්කරලා නෑ.
රට විනාශ කරලා චුට්ට චුට්ට තමන්ගේමඩිය තර කරගෙන අහිංසක දරුවන්වත් ලෝකයට ණය කරලා රට විනාශ කරලා දැන් අපිට රටක් ඇත්තටම නැති කරලා තියෙන්නෙ.
යන්න පුළුවන් මිනිස්සු රට යනවා අහිංසක දුප්පත් ඇත්තටම අපිත් රජයේ සේවකයෝ අපිට යන්න වෙන තැනක් නෑ මේ ලංකාව විතරයි අපේ රට අපිට රටක් ඉතුරු කරගන්න,අපිට ගැලපෙන පාලන ත්‍රන්තයක් පවත්වාගන්න ආරම්භ කරගන්න තමයි අද අපි මෙතැනට ඇවිත් ඉන්නේ.ඒකමොන පක්ෂයද කියලා අදාල නෑ.මේ අරගලය තුලින් කව්රුහරි නායකයෙක් මතු වෙලා මේ රට භාරගන්නවානම් අනාගත දරුවන්ට යහපත් රටක් ගොඩනගන්න පුළුවන් ජනතා නායකයෙක් මේ අරගල භූමියෙන් මතුවෙනකල් අපි මෙතැටන එනවා.අපේ සල්ලි ගෙනිහින් අපිට රටක් නැති කරපු එක විතරයි මේ පාලකයෝ සියල්ලම කරලා තියෙන්නේ.ඒ පාලකයෝ රටින් යවලා මමකියන්නේ නැත්තමට නැතිවෙන්න ඕන.
අහිංසක අපි ලෝකයට ණය කරපු මේ පාලකයෝ මේ මිනිස්සුන්ට මැරිලත් යන්න තැනක් තියෙයිද කියලා මම දන්නේ නෑ.අපිනම් දැන් ජීවිතයේ භාගයක් ගෙවලා ඉවරයි.නමුත් මේ නොතේරෙන දරුවෝ රටට උපද්දලා අපිත් කරගත්තෙ පාපයක්ද කියලා හිතෙනවා.මෙහෙම ගියොත් සිංහල ජාතියක් නැත්තමට නැති වෙනවා.කන්න නැති දරුවෝ එනවා ඉස්කෝලෙට.මේ පාලකයෝ තවම තේරුම් අරගෙන නෑ ම
ේ රට තව එයාලට කරන්න බෑ කියලා.අපේ රටේ පත්වෙන පාලකයන්ට මොළය නැතිකම ලොකුම ගැටළුවක්.අනික මේ අයට විශ්‍රාම වයස් සීමා වෙන්න ඕන.සුසන්තිකා දිව්වා කියලා එදා දිව්ව විදිහටම අද දුවන්න බෑනේ.මහින්ද මහත්තයා හරි ගෝඨාභය මහත්තයා හරි එදා කරපු කෙරුම් අද කරන්න බෑ.වයසට යනකොට ස්නායු මැරෙනවානේ ඔය මිනිස්සු ඔක්කෝටම වෙලා තියෙන්නේ ඒක තමයි.
නාකි හම්පඩ මිනිස්සු සේරම ටික ඉන්නේ පාර්ලිමේන්තුවේ.තරුණයෙකුට එතැනට ගියාට අවස්ථාවක් දෙන්නේ නෑ.මෙතැනට ඇති ඔයිට වඩා හොඳට රට කරන්න පුළුවන් මිනිස්සු.ඇත්තටම මේ අරගලය තුලින් හොඳ නායකයෙක් මතු කරගෙන අපිට කෝමත් භාරදීලා බලන්න තමා වෙන්නේ මෙයාලටත් බලන්නනේ දුන්නේ.අනිවාර්යෙන් හැබැයි මෙයාලටවඩා හොඳට පොඩි ළමයෙක් හරි කරාවි.මේ පාලකයෝ කොච්චර නූගත්ද කියනවානම් පුළුවන්නම් අපිවත් විකුණනවා කොහේට හරි....''
Comments
Post a Comment
Your comment will be visible after approval