
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද සවස රැස්වීම් දෙකකට පිරිස් කැඳවා ඇති අතර පළමුවැන්න සවස 2 ට ආණ්ඩු පක්ෂයේ පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙත කැදවා තිබේ.
දෙවනුව අද සවස 3.30ට ආණ්ඩු පක්ෂයේ සියලුම පක්ෂවල මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා ඇත.
මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විමල්-උදය-වාසු ඇතුළු එම පක්ෂවල සියළු මන්ත්‍රීවරු සහභාගි විමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.
මෙහිදී නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාමූහික එකඟතාවක් ලබාගන්නට නියමිත බවට ආරංචි පවතී.
රටම අර්බූදයකට ලක්ව ඇති මේ මොහොතේ ඇමැතිකම් ගැනීමෙන් වැළකී සිටින ලෙස ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වෙත සිය බිරියන් තර්ජනය කරන බවද පවුල්වලින් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවද අභ්‍යන්තර තොරතුරු මගින් වාර්තා වේ.
ඒ අනුව ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම මේ වනවිටත් ඇමැති ධූර බාර ගැනීම ප්‍රතිකේෂේප කොට ඇති බව දැනගන්නට ඇති අතර අවසානයේ ඉතිරිවූයේ දිවුරුම් දුන් 4 දෙනා පමණක් බවටද ආරංචි පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval