නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුව ඇත.අද දින කොටසක් දිවුරුම්දී ඉතිරි අය වෙනත් පක්ෂ වලින් කැඳවීමට හිස්ව තබාගන්නා බවක් පෙන්නුම් කර ඇත.


මුදල් ඇමති – අලි සබ්රි
අධ්‍යාපන ඇමති – දිනේෂ් ගුණවර්ධන
විදේශ ඇමති – ජී.එල්. පීරිස්
මහාමාර්ග ඇමති – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු

මෙහිදී වෙනස්ව ඇත්තේ මුදල් ඇමති ධූරය පමණක් බැවින් අනෙක් තිදෙනා ඊයේ ඉල්ලා අස්වීම භාරදුන්නේ ඇයිද යන්න ගැටලුවකි.
මේ අනුව අනෙක් පක්ෂ සඳහා දැනට පහත අමාත්‍යංශ විවෘතව පවතී.

  • රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය
  • ජනමාධ්‍ය අමාත්‍යාංශය
  • වැවිලි අමාත්‍යාංශය
  • වාරිමාර්ග අමාත්‍යාංශය
  • කර්මාන්ත අමාත්‍යාංශය
  • විදුලිබල අමාත්‍යාංශය
  • සංචාරක අමාත්‍යාංශය
  • ඉඩම් අමාත්‍යාංශය
  • කම්කරු අමාත්‍යාංශය
  • ධීවර අමාත්‍යාංශය
  • ආරක්ෂක අමාත්‍යාංශය
  • වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
  • ජලසම්පාදන අමාත්‍යාංශය
  • වෙළෙඳ අමාත්‍යාංශය
  • සෞඛ්‍ය අමාත්‍යාංශය
  • කෘෂිකර්ම අමාත්‍යාංශය
  • තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
  • බලශක්ති අමාත්‍යාංශය
  • පරිසර අමාත්‍යාංශය
  • නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය