prasanna-speaks-mirihana-incident

අද පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී ඊයේ මිරිහානේ පැවතිකලබලකාරී තත්වය ගැන පැහැදිලි කළ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ කීය.

‘ජනපතිතුමා ඒ ගෙදරම තමා හිටියෙ. සිද්ධිය වෙද්දි එතුමා ඇතුළෙ ආරක්ෂක කන්ඩායම් එක්ක හිටියා. මම ඒකයි කිව්වෙ ජනාධිපතිතුමා පුදුම ඉවසිලිමත්කමකින් කටයුතු කළා. පළවෙනි එක කඩා ගෙන ගියා.


දෙවැනි එක කැඩුවා. අන්තිමේදි ගේ ඇතුළට එන්න හදනකොට.. ඔගොල්ලො දකිනවා

විඩියෝ දර්ශනවල තාප්ප කඩාගෙන පැත්තෙන් එනවා. හිතන්න ඒගොල්ලො අන්තවාදියො නෙමෙයිද...සාමාන්‍ය උද්ඝෝෂකයො නිහඩ උද්ඝෝෂණයක් කරන්නනෙ මේක පටන් ගත්තෙ. එතකොට ඒක ජුබිලි කනුවෙ ඉඳන් පටන් අරගෙන සාමකාමීව යන්න.

ඒත් මෙතන්ට ගෙනාවෙ යම් කන්ඩායමක්. ඒගොල්ලො බලන්න හෙල්මට් දාගෙන ඉන්නෙ වීඩියෝවල.ඇයි එගොල්ලො මූණු ඇරගෙන කතා කරන්නෙ නැත්තෙ.

ඇයි මූණවල් වහගෙන කතා කරන්නෙ. අහිංසක මිනිස්සු බිල්ලට දීලා ඒගොල්ලො කවුරුවත් මේකට අහුවෙන්නෙ නැහැ. හමුදාව ගිහින් පාලනය කරන වෙලාවෙ ඒගොල්ලො ඔක්කොම මාරුවෙලා ගිහින් එතන හිටි අය තමා අහුවුනේ. ඒකයි සිද්ධ වුනේ.
මේ කාල සීමාවම ජනපති තුමා නිවස තුළ තමා හිටියේ.‘