piyasena-rathuvithana-ashoka-karunaratne-passed-away

ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදියකු,ගත් කතුවරයකු හා සාහිත්‍යධරයකු මෙන්ම හිටපු විදුහල්පතිවරයකුද වූ ආචාර්ය පියසේන රතුවිතාන මහතා අභාවප්‍රාප්ත විය.


මියයන විට ඒ මහතා අනු එක්වන වියෙහි පසු විය. කෙටි කලක් රෝගාතුරව සිටි ඒ මහතා ඊයේ අලුයම කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් 15 වැනිදා සවස බොරැල්ල ආදාහනාගාරයේදී සිදු කෙරේ.



ශ්‍රී ලංකාවේ අද්විතීය සාහිත්‍යධරයකු වන පණ්ඩිත අශෝක කරුණාරත්න මහතාද  වසර 95ක් ආයු වළඳා අභවප්‍රාප්ත විය.සිංහල, පාලි, සංස්කෘත, හින්දි යන භාෂා උගතෙකු විය.පාසල් කිහිපයකම විදුහල්පතිවරයකු ලෙසද කටයුතු කර තිබේ.
1956 දී පළ වූ 'සාහිත්‍ය විවේචනය' නමැති අගනා කෘතියත් සමග ඇරඹෙන ඔහුගේ සාහිත්‍ය ජීවිතයේ  'අජාත සතෘ'  අනුවාද කෘතිය සම්මානයටද පාත්‍ර විය. 'ගුත්තිල කාව්‍යය රසවින්දනාත්මක විග්‍රහයක්' හා 'සීගිරී ගී' පිළිබ‍ද පර්යේෂණාත්මක කෘතිය මෑතක ප්‍රකාශයට පත් කළේය. විශිෂ්ට සාහිත්‍ය කෘති 15ක්  පමණ ඔහු රචනා කර තිබේ.
‍ පණ්ඩිත අශෝක කරණාරත්න ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍ය කාරක සභාවේ සභිකයකු ලෙස වසර 18ක් කටයුතු කර තිබෙයි.