pallebadda-murders

පල්ලේබැද්ද කොස්වැටිය ගිරදුර ප්‍රදේශයේ නිවෙසකදී කපා කොටා ඝාතනය කළ වියපත් අඹුසැමි යුවළකගේ සිරුරු ඉකුත් 12 වැනිදා සොයාගත් බව

ගොඩකවෙල පොලිසිය කියයි.

හැත්තෑ හත් හැවිරිදි එම්. දයානන්ද සහ හැත්තෑ හැවිරිදි ආර්. හේමලතා නැමැති අඹුසැමි යුවළක් එසේ ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. ඔවුන් පස් දරු මවුපියන් බවට හඳුනාගත් බව පොලිසිය සඳහන් කරයි. කිසියම් පිරිසක් එම නිවසට ඇතුළුවී යුවළ මරා දමා ඇති බවත් මවගේ සිරුර නිවෙසේ මුළුතැන්ගේ පිටුපස පිල අද්දඒත් පියාගේ සිරුර නිවෙස ඇතුළතත් තිබී සොයාගත් බව පොලිසිය කියයි.

එම මාපියන්ගේ පුත්‍රයන් දෙදෙනකු නිවෙසට යාබදව ඉඩම් දෙකක ජීවත් වන බවත් එක් පුතකු එදින මව සති පොළට කැඳවාගෙන යාමට නිවෙසට පැමිණීමේදී එම සිරුරු දැක ඇතැයි පොලිසිය

මරා දමා සිටි මවගේ කට පටියකින් බැඳ තිබූ බවත් එම ඝාතනය යම් කොල්ලයක් සිදු කිරීමට පැමිණි කල්ලියකගේ වැඩක්ද එසේ නොමැති නම් වෙනත් අරමුණක් සඳහා සිදු කළ ඝාතනයක් දැයි සොයා පරීක්‍ෂණ පවත්වන බවත් පොලිසිය කියයි.  ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරික්ෂා කිරිමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධනවර්ධන, උප පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.ටී.එම්.සී.කේ. බණ්ඩාර යන නිලධාරීහු එම ස්ථානයට පැමිණ පරීක්‍ෂණ කටයුතු සිදු කළහ. එහි මහේස්ත්‍රාත් පරික්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණි.