2022 අප්‍රේල් 6 (ඊයේ දිනයේ) පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රු. බිලියන 119.08 ක මුදලක් අච්චු ගසා ඇතැයි වාර්තා වේ.
මුදල් ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති අතුළු රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සියලුම නිලධාරීන් නොමැති වුවත් රජය අඛණ්ඩව මුදල් අච්චු ගැසීම සිදු වෙමින් පැවතීම විශේෂ සිදුවීමකි.
කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් ස්ථාපනය කර එයට අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමෙන් පසුව අච්චු ගැසූ මුදල රු. ලක්ෂ 4,434,700 (රු.බිලියන 443.47) කි.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2020 ජනවාරි 1 දින සිට මේ දක්වා රු. බිලියන 1,774.77 ක් අච්චු ගසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval