ministers-rajapaksa

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර භාර නොගන්නා බව රාජපක්ෂ පවුලේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු දැනුම් දී තිබෙනවා.


ආරංචි මාර්ගවලට අනුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වන බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ නව කැබිනට් මණ්ඩලයේ තනතුරු භාර නොගන්නා බව පවසා තිබේ.

නව අමාත්‍ය මණ්ඩලය යටතේ කිසිදු අමාත්‍ය ධූර භාර නොගැනීමට එම පිරිස පෞද්ගලික තීරණ ගෙන ඇති බවද වාර්තා වේ.